Wednesday, September 25, 2024

General line - 0115112241

කලාවැවේ මසුන් හදිසියේම මියයාමට හේතුව හෙළි වෙයි (PHOTOS)




කලා වැවේ මසුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මිය යාමට හේතුව බැක්ටීරියා ඇල්ගී වර්ගයක් බව අනාවරණ වී තිබෙනවා. 

ඒ, කලා වැව මිරිදිය ධීවර පුහුණු කාර්යාල නිලධාරීන් කළ පරීක්ෂණයකදීයි. 

වැවේ ජලය සීග්‍ර ලෙස අඩු වීමත් සමග මෙම බැක්ටීරියා ඇල්ගී වර්ගය දැඩි ලෙස ව්‍යාප්ත වී තිබෙනවා. 

සාමාන්‍යයෙන් වැවේ ජලය පවතින කාලයේදි තිලාපි මසුන් මෙම බැක්ටීරියා ඇල්ගී වර්ගය ආහාරයට ගන්නා බවයි වාර්තා වන්නේ.