Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දු - ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් උණුසුුම ඇරඹෙන හැටි මෙන්න




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 20 වැනිදා ආරම්භ වනවා. 

පළමු තරගය දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන්නේ රංගිරි දඹුලූ ක්‍රීඩාංගණයේදීයි. 

2 වන සහ 3 වන එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙස පිළිවෙලින් 24 සහ 27 යන දිනවල පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. 

සිවුවන සහ 5 වන  එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි. 

එම තරග දෙක ලබන 31 වැනිදා සහ සැප්තැම්බර් මස 3 වැනිදා පැවැත්වෙනවා. 

ඉන්දු - ශ්‍රී ලංකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය සැප්තැම්බර් මස 6 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.