Saturday, April 27, 2024

General line - 0115112241

"වැඩිම හානිය යහපාලන සමයේ..වහාම ඉවත් වෙන්න " - කැබිනට් හමුවෙන් පසු අර්ජුනගෙන් සැර කතාවක් 




දිගින් දිගටම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක‍්‍රිකට් සභාපතිවරයා එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. 

අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියා. 


ක්‍රීඩකයන්ගේ මනස හැදිය යුතු බවත් ඔවුන්ව නිවැරදිව පරිපාලනය කළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී එහි සඳහන් කළා.


ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා රවී කරුණානායක ඉවත්විය යුතු බවට පසුගිය කාලයේ සඳහන් කළ බව පෙන්වාදුන් අමාත්‍ය අර්ජුන රණතුංග, රවී කරුණානායක අමාත්‍යවරයා චෝදනාවක් පමණක් තිබියදී ඉල්ලා අස්වූ අතර තිලංග සුමතිපාල සභාපතිවරයා වත්මන් ක්‍රිකට් අර්බුධය නිසා ඉවත්වීම සුදුසු බවයි අවධාරණය කළේ.

ක්‍රිකට් සඳහා වැඩිම හානිය වුණේ යහපාලන ආණ්ඩුව සමයේ බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මීට පිළිතුරු දෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජයත් සමග සැකය පැතිරවීමට අර්ජුන රණතුංග අමාත්‍යවරයා උත්සාහ කරන බවයි.


ඔහු අමාත්‍යවරයාගේ උත්සාහයන් හැඳින්වූයේ පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ මෛත්‍රීපාල ජනාධිපතිවරයාට මට ආණ්ඩුව කරන්න පුළුවන් බව පැවසීම හා සමාන කරුණක් බවයි.