තම ගුවන් කලාපයට පැමිණියහොත් කටාර් ගුවන් යානාවලට පහර දීමට තමන්ට අයිතියක් ඇති බව සෞදිය පෙන්වා දෙනවා.
කටාරය මේ සම්බන්ධයෙන් නොසලකා හැරියහොත් කටාර් යානා පහර දී බිම දමන බවට ඔවුන් අනතුරු ඇඟවීම් කර තිබෙනවා.
ඔවුන් ගුවන් යානා සහ මිසයිල පද්ධති ඒ වෙනුවෙන් සීරුවෙන් තබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.
කටාර් සමඟ සබඳකම් නවතා දැමීමෙන් අනතුරුව සෞදිය කටාරයට දන්වා ඇත්තේ සෞදි ගුවන් සීමාවේ ගුවන් යානා පියාසර කිරීමෙන් වළකින ලෙසයි.