Sunday, May 19, 2024

General line - 0115112241

ඇමති විජේදාස ජනපති හමුවේ - ඉවත්ව යන්නේ නෑ..තොරතුරු මෙන්න 




අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (23)  සිය ඇමති  තනතුරෙන් ඉවත්ව යාමට නියමිත බවට පළ වන වාර්තා අසත්‍ය බව අමාත්‍යවරයාගේ ආරංචි මාර්ග පවසනවා.

අමාත්‍යවරයා ඊයේ (22) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී තමන් ඉවත්වන බව අමාත්‍යවරයා කිසි ලෙසකත් නොකී බවයි එම වාර්තා මගින් සඳහන් වුණේ.


අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉවත්ව නොයන අතර ජනාධිපතිවරයා ඔහුව ඉවත් කරනු ඇති බවයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.