Sunday, May 19, 2024

General line - 0115112241

විද්‍යා ඝාතන සිද්ධියට TNA පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජාගේ නමත් ගෑවුණු හැටි




යාපනය විද්‍යා දැරිය ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මාවෙයි සේනාධිරාජාගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා ලෙස කයිට්ස් මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ, මෙම ඝාතන සිදුවීමට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පලායාම සඳහා මන්තී‍්‍රවරයා සහාය ලබාදීම සම්බන්ධයෙන් වූ සිද්ධියක් පිළිබඳවයි.

නඩු විභාගයේදී ලබාදුන් සාක්‍ෂි පදනම් කර ගනිමින් මාවෙයි සේනාධිරාජා මන්තී‍්‍රවරයා ඇතුළු හය දෙනෙකුගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි කයිට්ස් මහේස්ත‍්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.