Sunday, May 19, 2024

General line - 0115112241

යාපනයේ යතුරුපැදි කණ්ඩායමක තවත් ප්‍රහාරයකට පුද්ගලයෙක් ගොඳුරු වෙයි - තරුණයාට බරපතලයි

රොමේෂ් මධුෂංඛ




යතුරුපැදි කණ්ඩායමක් පැමිණ යාපනයේදී තවත් පුද්ගලයෙකු කපා කොටා පළා ගොස් තිබෙනවා.

යාපනය උරුම්පිරායි මන්සන්ධියේදී ඊයේ (22) රාත්‍රි කාලයේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් මෙලෙස පුද්ගලයෙකු කපා කොටා පළා ගොස් ඇති අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාව පසුව යාපනය මහරෝහලට ඇතුළත් කරඇති බව කෝපායි පොලීසිය පැවසුවා. 

උරුම්පිරායි මන්සන්ධියේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක සේවයේ නිරත 24 හැවිරිදි සුරෙස්වරන් කනිස්ටන් නැමති තරුණයා මෙසේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තරුණයාගේ පිට ප්‍රදේශයට මැහුම් 10ක් පමණ යොදා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. 

අදාල පහරදීම සිදු කළ පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැහැ.

මීට පෙර අවස්ථාවන් කිහිපයකදීද යාපනයේදී තියුණු ආයුධ රැගෙන පැමිණි කණ්ඩායම් මෙවැනි ප්‍රහාර එල්ල කර තිබුණා.

ඔවුන්ගෙන් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් පොලිසිය විමර්ශන සිදු කරමින් සිටිනවා.