Sunday, May 19, 2024

General line - 0115112241

මාතලේ මහනුවර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හිමියන් අපවත් වෙයි




මාතලේ විහාර පාර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානය, තිස්මඩ ශ්‍රී ධර්ම විජයාරාමය සහ කොටුවේගෙදර සිරිධම්ම විශුද්ධාරාමය යන විහාරස්ථානයන් හී විහාරාධිපති ශ්‍රී ලංකා අමරපුර නිකායේ මාතලේ මහනුවර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, සමස්ත ලංකා සාමවිනිසුරු ශ්‍රී රතනජෝතී වංශාලංකාර පරයාස්ථී විශාරද ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය රාජකීය පණ්ඩිත ශ්‍රාස්ත්‍රපති පූජ්‍යපාද තිස්මඩ නන්දාරාමාභිදාන නායක ස්වාමීන්වහන්සේ වසර 96ක් ආයු වළඳා ඊයේ (22) අපවත් වුණා.

උන්වහන්සේ පිළිබඳ ආදාහන පුජෝත්සවය 24 වැනිදා පස්වරු 1.00 ට මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.

නෙත් එෆ්.එම් රේඩියෝවේ සඳුදා ධර්ම දක්ෂිණා වැඩසටහනේ දේශකයාණන් වන පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි ස්වාමීන්වහන්සේගේ නායක ස්වාමීන්වහන්සේ වන්නේද තිස්මඩ නන්දාරාමාභිදාන නායක ස්වාමීන්වහස්සේයි.