Sunday, May 19, 2024

General line - 0115112241

පිටවූ උසස් පෙළ ප්‍රශ්ණ පත්‍රය පිටුපස පොලිස් දොස්තරගේ පුතා! - තාක්ෂණික මෙහෙයුමකින් වැඩේ කළේ මෙහෙමයි




2017 අපොස උසස් පෙළ රසායන විද්‍යා 2 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලක් ඉදිරිපිට මාර්ගයේ දී විභාගය නිමවී සිසුන් පිටතට පැමිණෙන අවස්ථාවේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

එම විභාග වංචාවට අදාළව කොළඹ ප්‍රධාන පෙළේ පාසැලක සිසුවෙකු ද අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් තම ගුරුවරයාට  විභාග මධ්‍යස්ථානයේ සිට තොරතුරු ලබා දී ඇති බවයි අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට සොයා ගෙන ඇත්තේ.

මේ සඳහා සූක්ෂම ලෙස දුරකථනයක් Bluetooth උපකරණයක් සහ තවත් උපකරණයක් යොදාගෙන තිබෙනවා.

එමෙන්ම Bluetooth උපකරණය මගින් මෙම විභාග වංචාවට චෝදනා ලබා ඇති ගුරුවරයා සමග සම්බන්ධවී ඇති සිසුවා සියලු ප්‍රශ්ණවලට පිළිතුරුද ගුරුවරයාගෙන් ලබාගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

මේ පිළිබඳ වැඩි තොරතුරු නෙත් FM පස්වරු 6.45 පුවත් විකාශයෙන් ඇසිය හැකියි.