Sunday, May 19, 2024

General line - 0115112241

රයන් තාමත් ඇතුළේ




සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට අනර්ථයක්  සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි වෛද්‍ය ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මේ මස 25 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද ප‍්‍රධාන මහේසත‍්‍රාත් අධිකරණය අද (23) නියෝග කළා.

සැකකරු පසුගිය 18 වැනි දින නීතිඥවරයකු මාර්ගයෙන් අධිකරනයට භාර වීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

අධිකරණය මගහරිමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් මීට පෙර වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු චතුරංග වීරසේකර ඇතුළු ශිෂ්‍ය කි‍්‍රයාකාරි සමාජිකයින් පස්දෙනා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙනවා.

ඉකුත් ජූනි මස 21 වැනි දා පස්වරුවේ කොළඹදී පැවති සයිටම් විරෝධී පාගමනින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපල‍වලට රුපියල් ලක්ෂ 15 කට ආසන්න හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර් ඒ විජේසේකර මරදාන පොලිසියට කළ පැමිණිල්ලක් මත මොවුන්ට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.