Friday, May 3, 2024

General line - 0115112241

සිල් රෙදි නඩුවේ දඩ ගෙවන්න ඇරඹූණ පිණ්ඩපාත චාරිකාව (PHOTOS)




පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින්. උදෑසන 8 ට පමණ ඇරඹුණු පිණ්ඩපාත චාරිකාව කොළඹ කොටුව දෙසට ගමන් කරනු ලැබුවා.

සිල්රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ දඩ මුදල් ගෙවීම සදහායි භික්‍ෂූන් වහන්සේ පිරිසක් මෙසේ පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන්නේ.

 

-------------------------------------

සිල් රෙදි නඩුවේ දඩ ගෙවන්න පිණ්ඩපාත චාරිකාව අද ඇරඹෙයි!

15-09-2017 07:11

සිල්රෙදි නඩුවට වරදකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් විරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිටගේ දඩ මුදල් ගෙවීම සදහා භික්‍ෂූන් වහන්සේ පිරිසක් අද පිණ්ඩපාත චාරිකාවක නිරත වනවා. එය ආරම්භ වන්නේ පිටකොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානය අසලින්. උදෑසන 8 ට පමණ පිණ්ඩපාත චාරිකාව ආරම්භ කරන බවයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සදහන් කළේ. 

හෙට සහ අනිද්දා යන දිනවලද මෙලෙස භික්‍ෂූන් වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ  නිරත වන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේ ඉල්ලීමකට අනුව මෙම සිල් රෙදි බෙදා දීම සිදු වුණ බවද උන් වහන්සේ පවසනවා. එබැවින් ඒ වගකීම හේතුකොට ගෙන මෙය සංවිධානය කළ බවයි උන් වහන්සේ පෙන්වා දෙන්නේ.