Friday, May 3, 2024

General line - 0115112241

ජනාධිපති පියකු පිළිබඳ දියණියක  විසින් ලියූ පළමු පොත! ජනාධිපති තාත්තා දොරට වඩී!




චතුරිකා සිරිසේන විසින් රචනා කළ "ජනාධිපති තාත්තා" ග්‍රන්ථය එළිදැක්වීමේ උත්මසවය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  අද (15) පෙ.ව 7.30 ට ඇරඹුනා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය ලෙස චතුරිකා සිරිසේන ලැබූ අත්දැකීම් ඇසුරෙන් ග්‍රන්ථය සම්පාදනය කර තිඛෙනවා. එය ජනාධිපති පියකු පිළිබඳ ව, දියණියක  විසින් රචිත ප්‍රථම චරිතාපදානය ලෙසින් මෙය ඉතිහාසයට එක්වෙයි. 

පියාගේ දේශපාලන ජීවිතයේ ආරම්භක අවධියේ සිටම නොසිතූ විරූ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදුවූ අයුරුත් පවුලක් වශයෙන් ඔවුන් ඒවා විද දරාගත් ආකාරයත් පිළිබදව සාමාන්‍ය සමාජය නොදත් තොරතුරු රැසක් මෙහි සඳහන් වනවා.

පියාට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් පිළිබදව හා 2015  ජනාධිපතිවරණ සටනේ මෙතෙක් හෙළි නොකළ තවත් කථා රැසක් කෘතියෙන් හෙළිකරනවා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ සිටම කලින් කලට සිදුවූ දේශපාලන සංසිද්ධීන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ලවු ආකාරය පිළිබඳවද මෙහි ඇතුළත් වනවා. "ජනාධිපති තාත්තා" සරසවි ප්‍රකාශනයකි. 

 

 

 

උත්සවය ඇරඹීමට පෙර....