Friday, May 3, 2024

General line - 0115112241

විදුලි අර්බුදය තවත් උග්‍ර වන ලකුණු




විදුලි අර්බුදය තවත් උග්‍ර වී තිබෙනවා. ඒ, මේ වනවිට ක්‍රියාත්මක විදුලි වර්ජනය සඳහා විදුලි අධිකාරීවරුන්ද එක්වීමට තීරණය කිරීමයි.

තාක‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති අජිත් මුණසිංහ කියා සිටියේ තමන්ගේ ගැටළු සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබානොදීම හේතුවෙන් තමන් ද වර්ජනයට සහාය දක්වන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉකුත්දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය මේ වනවිටද ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (17) ප්‍රකාශ කළේ වර්ජනයේ යෙදුනු සේවකයින්ගේ වර්ජිත දින දෙක වැටුප් සහිත නිවාඩු ලෙස සැලකීමට තීරණය කර ඇති බවයි.

එබැවින් හෙට (18) දිනයේ සිට සේවයට වාර්තා කරන්නැයි අමාත්‍යවරයා සියලූ සේවකයින්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල්ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ වර්ජනය හේතුවෙන් අනියම් හා පරිවාර සේවකයින් කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කළ ද ඔවුන්  සේවයට වාර්තා නොකළ බවයි.

ඉන් අනතුරුව 2014 වසරේ විශ්‍රාම ගිය සේවකයින්ට ඇරයුම් කළ ද ඔවුන් ද එය නොසලකා හැර ඇති බව සඳහන්.  

මේ අතර ප්‍රදේශ කිහිපයකින් අද (17) දිනයේද විදුලි බිඳවැටීම් වාර්තා වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා.