Friday, May 3, 2024

General line - 0115112241

කොට්ඨාස ක්‍රමය නිසා මැතිවරණය කල් ගියා මිස කල් දැම්මේ නැහැ




පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා අදහස් පළ කළා. ඒ, හාලිඇල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුවට අවශ්‍ය වුයේ සියළුම පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයෙන් තොරව කොට්ඨාස ක්‍රමයට පැවත්වීමටයි.

කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවත්වීමට සුළු කලක් අවශ්‍ය බවත් එය මැතිවරණය කල් තැබීමක් නොවන බවත් ඔහු කියා සිටියා.

මේ අතර ඉදිරි සියලූ මැතිවරණ, කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීම සහා තමන් කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ද ප්‍රකාශ කළා.