Sunday, May 19, 2024

General line - 0115112241

මුස්ලිම් පක්ෂවල ඉල්ලීම ඉෂ්ඨ කරලා




පළාත් සභා සංශෝධන පනතට අනුව සභිකයින්ගේ නියෝජනය සියයට 50 - 50 අනුපාතයට සංශෝධනය කිරීම හරහා ගැටළු මතුවිය හැකි බව විපක්ෂය පවසනවා.

මීට පෙර කොට්ඨාස මගින් සියයට 60ක් සහ අනුපාත ක්‍රමයට සියයට 40ක් ලෙස ගෙන පළාත් සභා නියෝජනය තෝරාපත් කර ගැනීමටයි තීරණය කර තිබුණේ.

එහෙත් එය වෙනස් වී ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් පක්ෂවල ඉල්ලීම මත බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක..

 

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මෙම සංශෝධනය කිසිසේත් පිළිගත නොහැකි බවයි. ර්ශාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම රඳවා ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය සිදුව ඇති බවයි ඔහු කියා සිටියේ. මෙම සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍යයට පහරක් එල්ල කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

 

කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පැවසුවේ කිසිඳු පක්ෂයකට අසාධාරණයක් නොවන පරිදි මෙම සංශෝධන ගෙන ආ බවයි. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.