Sunday, May 19, 2024

General line - 0115112241

13ට එහා ගිය බලයක් 20න් ලැබෙනවා නම් අපි කැමතියි




20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තුල 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලතල අන්තර්ගත වන්නේ නම් තමන් එය පිළිගන්නා බව ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවනන්දා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සම්පාදනය වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජනතාවගේ සිහින සැබෑ කරන සංශෝධනයක් වනු ඇති බව තමන් අපේක්ෂා කරන බවයි.

අග්‍රාමාත්‍යවරයා මෙරට සුළු ජාතීන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඇති බව පෙන්වා දෙන ඔහු ඉන් ජනතාවට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ නම් අගය කරන බව ද කියා සිටියා.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන ලෙස නිරන්තරයෙන්ම ඉන්දියාව අවධාරණය කළා.

ඒ සියල්ල සැලකිල්ලට ගෙන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලයක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් ලබා දෙන්නේ නම් තම පක්ෂය එය පිළිගන්නා බවයි ඊපීඩීපී පක්ෂයේ නායක ඩග්ලස් දේවනන්දා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.