Sunday, May 19, 2024

General line - 0115112241

පිටිසර ගම්වල සුරූපී තරුණියන්ගේ ගණිකා සේවය..සුපිරි පැලැන්තියට පමණයි - අද උදේම ඇතුල්කෝට්ටෙන් ඇල්ලූ සමාජ ශාලාවේ තොරතුරු මෙන්න 




පිටිසර ගම්වල සිටින සුරූපී තරුණියන් ගණිකා ව්‍යාපාරයේ යොදවා සිටින, වැඩි මුදලක් වැය කළ හැකි  පුද්ගලයන්ට පමණක් වෙන්වූ රාත්‍රී සමාජ ශාලාවක් අද (22) අලුයම ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී වටලනු ලැබුවා.

දුම්මලසුරිය ප්‍රදේශයේ පදිංචිව වයස අවුරුදු 16ක දැරියක් පැහැරගෙන යාමක් පිලිබඳ තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳව පරීක්ෂණ කරන  අතර මෙම සමාජ ශාලාවේ පැහැරගත් දැරියව සේවයට යොදවා ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

එම සමාජ ශාලාවට විශාල වශයෙන් මුදල් වැය කළ හැකි පුද්ගලයන් පමණක් ඇතුල් කර ගන්නා අතර පළමුව මත්පැනින් සංග්‍රහ කර විනෝද වීමෙන් පසුව ලාබාල තරුණියන්ගේ සේවනය ලබා ගැනීමේ අවස්ථාව මෙහි ඉහළ මහලේ සලසා තිබෙනවා.
 

නීති විරෝධී විදෙස් මත්පැන් ද අලෙවිකරණ මෙම සමාජ ශාලාවේ ගණිකා සේවයේ යොදවා සිටි තරුණියන් පස්දෙනෙකු සහ කළමනාකරු ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක සමාජශෝධන කටයුතු අතර බස්නාහිර පළාත් දකුණ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එන්.එස් වසන්ත වික්‍රමසිංහ,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහ,සහකාර පොලිස් අධිකාරී සමන් සිගේරා යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි වැලිකඩ පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩලගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති අශෝක කුමාර ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබෙනවා.