Sunday, May 19, 2024

General line - 0115112241

අද සිට කොටහේන අලුත් මාවත වැසේ -  මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක්




අද (22) රාත්‍රී නවයේ සිට ලබන 25 වනදා උදෑසන පහ දක්වා කොටහේන අලුත් මාවත සම්පූර්ණයෙන් වසා තබන බව පොලිසිය පවසනවා. 

ඒ, අලුතින් ජලනල එළීමේ ව්‍යාපෘතියක් හේතුවෙන්. 

ඒ අනුව විකල්ප මාර්ග ලෙස පිටකොටුව - කොච්චිකඩේ සිට පැමිණෙන රථ වාහන හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවා ජෝර්ජ් ආර් ද සිල්වා මාවතෙන් ගමන් කර බ්ලුමැන්ඩල් හන්දියෙන් බෝධිය හන්දිය ඔස්සේ මාදම්පිටිය මාර්ගයට හෝ සෙන් ජේම්ස් මාවතට පිවිසිය හැකියි. 

මට්ටක්කුළිය දෙස සිට පැමිණෙන රථ වාහන මාදම්පිටිය හෝ සෙන් ජේමිස් මාවතෙන් බෝධිය දෙසට ගමන් කර බ්ලුමැන්ඩල් මාර්ගයේ ජෝර්ජ් ආර් ද සිල්වා මාවත හන්දියට පැමිණ හෙට්ටියාවත්ත දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේ.