Tuesday, May 7, 2024

General line - 0115112241

රුවන්වැල්ලෙන් නාඳුනන මළ සිරුරක්




සැකසහිත නාඳුනන මළසිරුරක් රුවන්වැල්ල මොරළිය අස්වකොටුව තොටුපල අසළ කැළණි ගගේ තිබියදී සොයාගෙන තිබෙනවා. 

වයස අවුරුදු 50 - 55ත් අතර පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

රුවන්වැල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිමල් පුෂ්පකුමාර ස්ථානීය පරීක්ෂණද සිදුකර තිබෙනවා. 

මළ සිරුර කරවනැල්ල මූලික රෝහල වෙත ගෙනගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.