Friday, May 3, 2024

General line - 0115112241

නීතිවිරෝධී ලෙස නව දිල්ලියට රැගෙන ගිය විදෙස් මුදල් රේගු භාරයට                  




නීතිවිරෝධී ලෙස විදෙස් මුදල් තොගයක් දිල්ලිය බලා රැගෙන යාමට තැත්කළ ඉන්දීය ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශ අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 97කට ආසන්න විදෙස් මුදල් තොගයක් අත්අඩංගුවට ගත් බවයි ශ්‍රී ලංකා රේගුව පැවසුවේ.

භාවිත කරන ලද ඇඳුම් දැමූ අත්බෑගයක සඟවා තිබියදී මෙම මුදල් තොගය සොයාගැනුණා.

සැකකරු 51 හැවිරිදි අයෙක්. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

මේ වසරේ අවස්ථා රැසකදීම විදෙස් මුදල් මෙරට සිට රැගෙන යාමට උත්සහ දැරූ පුද්ගලයින් ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉකුත් ජනවාරි මාසයේදී රුපියල් කෝටි 11ක්, ඉකුත් මැයි සහ ජුලි මාසවලදී කෝටියකට අධික විදේශීය මුදල් මෙලෙස අත්අඩංගුවට ගැනුණා.