Tuesday, May 7, 2024

General line - 0115112241

සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල මුදල් ආබාධිත රණවිරුවන්ට




සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල සඳහා මහජනතාවගෙන් එකතු කළ මුදල රණවිරු සුබසාධනය යොදවන බව එම අරමුදලේ භාන්ඩාගාරික පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

අද (29) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කියා සිටියේ මහා සංඝරත්නය පැය 2ක් තුළ පිඬුසිඟා වැඩීමෙන් රුපියල් දෙලක්ෂ අසූදහසකට අධික මුදලක් මෙම අරමුදලට එක්රැස් කළ බවයි.

අධිකරණ තීන්දුව ලැබීමෙන් තවදුරටත් පිඬුසිඟා වැඩීමේ අවශ්‍යතාවක් නොමැති බවයි උන්වහන්සේ කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ මුදල දැනටමත් අරමුදල් ගිණුමේ තැන්පත් කර ඇති බව ද උන්වහන්සේ සඳහන් කළා.

මෙම මුදල තෝරාගත් ආබාධිත රණවිරුවන් දෙදෙනකුගේ සුබසාධන කටයුතු වෙනුවෙන් පිරිනැමීමට කටයුතු කරන බවයි මෙහිදී  පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.