Thursday, May 9, 2024

General line - 0115112241

තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් දරුවන්ට




තමන් අත්විඳි ජීවිතයට වඩා සාරවත් හා පරිපූර්ණ ජීවිතයක් දරුවන්ට ලබාදීම සෑම වැඩිහිටියකුගේම අපේක්ෂාව බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ලෝක ළමා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව ද රටේ සමාජ, ආර්ථික හෝ දේශපාලන ගැටලුවලින් පීඩා නොපැමිණෙන පරිපූර්ණ සුන්දර ළමාවියක් රටේ සියලූ දරුවන්ට අත්කර දීම බවයි.

පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරමින් දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණය හා මානසික අවශ්‍යතාව සපුරාලීමට රජය ප‍්‍රමුඛතාව ලබාදී ඇති බවයි ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය අනුව යමින් ළමුන්ගේ යහවර්ධනයට එරෙහිව පවත්නා සියලූ බාධාවන් මුළුමනින්ම ඉවත් කිරීම අප සැමගේ අපේක්ෂාව සහ වගකීමයි බවත් ඒ වෙනුවෙන් සමස්ත සමාජයේ අවධානය සහ සාමුහිකත්වය ද දිනා ගැනීමට අදට යෙදෙන ලෝක ළමා දිනය කදිම නිමිත්තක් වනු ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.