Saturday, July 27, 2024

General line - 0115112241

රෝහින්ග්‍යාවරු ආවේ මියන්මාරයේ සිට නොවේ - ආපු තැන රජය තහවුරු කර ගනී




කතාබහට ලක්වන රෝහින්ග්‍යා සරණාගතයින් පිරිස ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මියන්මාරයේ සිට නොව දකුණු ඉන්දියාවේ සිට බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ඒ පිළිබඳව මේ වන විට තහවුරු වී ඇති බවද සඳහන් කළා.

අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද (03) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදියි.

සරණාගතයන් මුවාවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණ විවිධ අකටයුතුකම් සිදු කිරීමට කිසිවෙකුටත් කිසිසේත් ඉඩක් නොමැති බවද  අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවා.

ඉකුත් අගෝස්තු 31වැනිදා වන විට සරණාගතයින් 728 දෙනෙකු ශ‍්‍රී ලංකාවට පැමිණ සිටි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

ශ‍්‍රී ලංකාවේ දැනට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් පිරිස කඩිනමින් වෙනත් රටකට රැගෙන යාමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය වගකීම භාරගෙන ඇතැයි ද අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියා.