Tuesday, May 14, 2024

General line - 0115112241

"බදුල්ලේ ජනතාව කලබල නොවන්න" - ආපදා කළමණාකරන මධ්‍යස්ථානයෙන් නිවේදනයක්




ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් බදුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් අද (04) දවස පුරා ආපදා පෙරහුරු වැඩසටහනක් ක‍්‍රියාත්මක කරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් කල්පිත ලෙස යොදා ගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

එහිදී "මේ වන විට මිලිමීටර් 85ක වර්ෂාවක් බදුල්ල දිස්ත්‍රික්කයට ලැබී ඇත." යන්න කල්පිතයක් ලෙස යොදාගෙන තිබෙනවා.

මෙම පෙරහුරුව සිදු කරන කාල සීමාව තුළ කිසිදු හේතුවක් මත කලබල නොවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය බදුල්ල ප‍්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියේ.