Sunday, May 5, 2024

General line - 0115112241

දහදිය වෙනුවට රුධිරය පිටවෙන තරුණියක් හමුවෙයි




දහදිය වෙනුවට සිරුරෙන් රුධිරය ගලන 21 ක් හැවිරිදි තරුණියක ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉතාලියේ ෆ්ලොරෙන්ස් නුවරින්.

මෙම තරුණියගේ සිරුරින් රුධිරය පිටවීමට පටන් ගෙන ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර සිට යැයි ෆ්ලොරෙන්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරු කියා සිටියා.

දහදිය වෑස්සෙන්නේ නැතිව ඒ වෙනුවට රුධිරය වෑස්සෙන්නේ කෙසේදැයි යන්න වෛද්‍යවරුන්ට ගැටලුවක් තිබෙනවා.

සමේ රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙවැනි තත්ත්වයක් මීට පෙර තමන්ට දකින්න නොලැබුණු බවත්, වෛද්‍ය ඉතිහාසයේ මෙවැන්නක් ගැන වාර්තා වී නැති බවයි.