Friday, October 18, 2024

General line - 0115112241

නොමිලේ බෙහෙත් ගන්න මේ තැන්වලට යන්න (UPDATE)

ඉෂාර සුපෙම් මානගේ




රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද දින (01) දීප ව්‍යාප්තව දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගී ජනතාවට සිදුවන අපහසුතාවය මගහැරවීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල්වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබෙනවා. 

රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබාගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි ප්‍රකාශ කළේ.

ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව නිසි අයුරින් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගත් බව ද කළමණාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියා. 

--------------------------------

රට පුරා රෝහල්වල බෙහෙත් නිකුත් කිරීම නවතයි

(01-11-2017 10:04)

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මේ වනවිට එක්දින දීපව්‍යාප්ත සංඛේත වැඩවර්ජනයක නිරත වී සිටිනවා.

අද (01) පෙරවරු 8.00 පමණ ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළා.

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල්වල බාහිර රෝගී අංශ සහ සායනවල ඖෂධ නිකුත් කිරීම ඇතුළු සිය රාජකාරී නතර කර ඇති බවයි එම සංගමය කියා සිටියේ.