තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ගුවන් තොටුපළ ඒකකය විසින්. බැංගලෝර් සිට පැමිණි එක් ගුවන් මගියෙකු සන්තකයේ තිබී විදේශීය දුම්වැටි 4,780ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.
අනෙක් සැකකරු ඩුබායි සිට දිවයිනට පැමිණ තිබෙනවා.
ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති දුම්වැටි ප්‍රමාණය 25,800ක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෝනවල හා අධිකාරිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
මේ අතර තීරුබදු රහිතව මෙරටට ගෙනවන ලද වියළි කහ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරක් මත සෙත්තප්පාඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි දුන්ගල්පිටිය පොලීසිය පැවසුවේ.
මුහුදු මාර්ගයෙන් රැගෙන විත් ඇති එම වියළි කහ තොගය උර 101ක බහා ලොරි රථයකට පටවමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් උතුරු පිටිපන හා සෙත්තප්පාඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි දුන්ගල්පිටිය පොලීසිය පැවසුවේ.