Sunday, September 8, 2024

General line - 0115112241

ජනතාව අවධානයෙන් - පැය 24ක් තුළ මිලිමීටර් 150කට වැඩි තද වැසි ඇති විය හැකියි

ඉෂාර සුපෙම් මානගේ




දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවද සඳහන් කරනවා.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, ඌව, උතුරු සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට පැය 24 ක් තුළ මිලිමීටර් 150 කට වැඩි ඉතා තද වැසිද සෙසු ප්‍රදේශවල සමහර ස්ථානවලට පැය 24 ක් තුළ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවද පෙන්වා දෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ප්‍රදේශ පුරා තද සුළං තත්ත්වයක් ඇති වීමේ හැකියාවක්ද පවතිනවා.

විශේෂයෙන් අකුණු මගින් ඇතිවන අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව අවධානයෙන් පසු විය යුතු බවද සඳහන් කළා.