Sunday, September 8, 2024

General line - 0115112241

වහාම අධ්‍යන කටයුතුවල යෙදෙන්න

කසුන් කැළුම්




සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පත් කළ කමිටුව ඉදිරිපත් කළ යෝජනා  සාධනීය හා සුභවාදී යෝජානා මාලවක් ලෙස පිළිගත හැකි බව විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පවසනවා.

එම නිසා වහාම සිය අධ්‍යයන කටයුතුවල නිරත වන ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්, වෛද්‍ය සිසුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

සයිටම් ගැටලූව හේතුවෙන් පසුගිය දින ගණනාවක සිට රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ හා බොහෝ පීඨවල සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත් වී සිටියා.