Sunday, September 8, 2024

General line - 0115112241

ඌව මහඇමතිගේ නියෝගයකට BTT බද්ද නවතී (VIDEO)

බදුල්ල - පාලිත ආරියවංශ




ඌව පළාත් සභාව විසින් අයකිරීමට සුදානම් වු ව්‍යාපාරික පිරිවැටුම් බද්ද (BTT) තාවකාලිකව අත්හිටුවීමට  තීරණය කළ බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළා.

අද (01) ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ පිළිබඳව කියා සිටියා.

මේ බද්ද මීට පෙර පළාත් සභාවලදී  අයකළ බද්දක් වුවත්  ඌව පළාතේ වෙළඳ සංගම් කීපයක නියෝජිතයන් හා  ව්‍යාපාරික ප්‍රජාව තමන් හමුවී කළ ඉල්ලීමකින් පසු මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

පිට පළාත්වලින් පැමිණෙන  ජංගම ව්‍යාපාරිකයන් නිසා තමන්ට අසාධාරණයක් සිදුවන බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ පිළිබඳ අවධානය යොමු කරමින් තමන් මෙම තීරණය ගත් බවයි ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ.