Wednesday, January 15, 2025

General line - 0115112241

දිය පහරට හසු වූ අට දෙනාගෙන් අවසන් දෙදෙනාත් සොයා ගනී (UPDATE)




මාතලේ ලග්ගල, තෙල්ගමුව ඔයේ දියනෑමට ගොස් හදිසියේ දිය පහරකට හසුවී දියේ ගිලී අනතුරටපත් 08 දෙනාගෙන් මෙතෙක් අතුරුදන් වූ දෙදෙනාගේ මළ සිරුරුද මේ වන විට සොයා ගෙන තිබෙනවා.

ඒ දිය නෑ ස්ථානයට ආසන්න ගල් පර්වතයක් අසළ රැඳී තිබියදීයි.

 

----------------------------------

දෙදෙනෙක් තවමත් අතුරුදන් (UPDATE)

(05-11-2017 11:06)

මාතලේ ලග්ගල, තෙල්ගමුව ඔයේ දියනෑමට ගොස් හදිසියේ දිය පහරකට හසුවී දියේ ගිලී අනතුරටපත් පිරිසගේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

තාන්තණ්ඩිය ප්‍රදේශයේ සිට පැමැණි 12 දෙනෙකුගෙන් යුත් පිරිසේ 08 දෙනෙකු මෙම අනතුරුට මුහුණ දුන්නා.

වයස අවුරුදු 04 ක් වූ හිරුණි දින්හාරා දියණියකගේ මළ සිරුරක්ද අද පෙරවරුවේ සොයා ගත්තා.

මේ වන විට දියේ ගිලී අතුරුදන් වූ 8 දෙනාගෙන් 6 දෙනකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් පුළුල් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.  

(ඡායාරූප - ජූඩ් සමන්ත) 

 

-------------------------------------

දියේ ගිලුණු 08 දෙනාගෙන් පුංචි දියණියකගේ මළ සිරුර සොයා ගැනේ

(05-11-2017 10:25)

මාතලේ ලග්ගල, තෙල්ගමුව ඔයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පිරිස අතරින් තවත් කුඩා ගැහැණු දරුවකුගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

ඔවුන් දියේ ගිලූණු ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ ඔයට පහළින් පිහිටි ප‍්‍රදේශයක රැඳී තිබියදී මළ සිරුර සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

මෙලෙස හමුවී ඇත්තේ සිව් හැවිරිදි දියණියකගේ මළ සිරුරක්.

ඒ අනුව දියේ ගිලී අතුරුදන් වූ 8 දෙනාගෙන් 6 දෙනකුගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබෙනවා. අනෙක් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි පොලීසිය කියාසිටියේ.  

------------------------------------

දියේ ගිලුණු 08 දෙනාගෙන් 03ක් සොයා තවමත් මෙහෙයුම් (PHOTOS) (UPDATE)

(05-11-2017 06:48)

 

ලග්ගල තෙල්ගමුව ඔයේ දියනාමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ තවත් කාන්තාවන් තිදෙනෙකුගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙනවා.

පොලීසිය සඳහන් කළේ පුද්ගලයින් 8 දෙනකු පමණ මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවයි.

ඔවුන්ගෙන් 5 දෙනෙකුගේ මළ සිරුරු ඊයේ (04) පස්වරුවේ සොයාගැනුණා.

ඒ පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය හා ප‍්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුම්වලදීයි.

මළ සිරුරු සොයාගත් පිරිසෙන් තිදෙනකු ද කාන්තාවන් වන බවයි පොලීසිය කියාසිටියේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ සිට පැමිණි පිරිසක්. 

(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)

---------------------------------------

දිය පහරට අසුවූ පුද්ගල සිරුරු 5ක් හමුවේ (UPDATE)(PHOTOS)

(04-11-2017 18:14)

මාතලේ තෙල්ගමුව ඔයේ  දියනෑමට ගොස් ජල පහරකට හසුව අතුරුදන්වූ පුද්ගලයින් 5 දෙනෙකුගේ මළ සිරුරු හමුව තිබෙනවා.

සොයාගත් සිරුරු අතර වයස අවුරුදු 12 ක දැරියකගේ සිරුරක් වන බවයි ලග්ගල පොලිසය පැවසුවේ.

අද (04) දහවල්මෙම පිරිස දියනෑමට ගිය අවස්ථාවේ  හදිසි දිය පහරකට හසුවීමෙන් අනතුර සිදුවුණා.

මෙම පිරිස නාත්තණ්ඬිය ප්‍රසේශයේ පදංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

(ඡායාරූප - ඉන්දික අරුණ කුමාර)

-----------------------

දියේ ගිලී අතුරු දන් වුවන්ගේ මළ සිරුරු 2ක් හමුවේ (04-11-2017 17:45)

මාතලේ - ලග්ගල ඇටන්වල ප්‍රදේශයේ - තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිස අතරින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

පිරමි සිරුරක් සහ කාන්තා සිරුරක් සොයාගත් සිරුරු අතර වන බවයි වාර්තා වන්නේ.

මාතලේ ලග්ගල, ඇටන්වල ප්‍රදේශයේ තෙල්ගමු ඔයේ දියනෑමට ගිය පිරිසක් දියේ ගිලී අතුරුදන් අද (04) දහවල් අතුරුදන් වුණා.

පොලීසිය පැවසුවේ එහිදී පුද්ගලයින් 10 දෙනකු අතුරුදන් වු බවයි.

-------------------

ලග්ගල අතුරුදන් වූවන්ගෙන් කාන්තා සිරුරක් හමුවේ(04-11-2017 17:13)

මාතලේ - ලග්ගල ඇටන්වල ප්‍රදේශයේ - තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිස අතරින් එක් අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

සොයා ගෙන ඇති සිරුර කාන්තාවකගේ බව සඳහන්

-------------------------

දියනෑමට ගිය පිරිසක් අතුරුදන් (04-11-2017 14:31)

ලග්ගල, ඇටන්වල ප්‍රදේශයේ ඔයක දියනෑමට ගිය පිරිසක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් 10 දෙනකු පමණ මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

වෑන් රථයකින් පැමිණි පිරිසක් අද (04) දහවල් මෙලෙස දියනෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් අනතුරට ලක්ව තිබෙනවා.

අතුරුදන් වූවන් සෙවීම සහා ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ලග්ගල පොලිසියේ නිලධාරීන් ද මේ වනවිට එම ස්ථානයට ළඟාවී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.