චීන ජාතිකයන් 150 දෙනෙකුගේ විවාහක උත්සවයක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. චීන තානාපති කාර්යාලය මගින් මෙම කටයුතු ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අදාළ සංවිධාන කටයුතු මෙහෙයවනවා. මෙම විවාහක උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ. උත්සවය ලබන දෙසැම්බර් මස 17 වැනිදා කොළඹ නිදහස් චතුරාශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව එදින රාත්‍රි භෝජන සංග්‍රහය බත්තරමුල්ල වෝටර් ඒජ්හිදී සංවිධානය කර තිබෙනවා.
පසුදින මෙම පිරිස කණ්ඩායම් තුනකට බෙදි සීගිරිය , යාල සහ මහනුවර වැනි ස්ථානවල සංචාරය කිරිමට කටයුතු යොදා තිබෙනවා.