ලබන 07 වනදා සිදුකිරිමට නියමිතව තිබූ වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික පත්වීම් සඳහා අයඳුම් කිරීම ‘online’ මගින් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
රටතුල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් වෛද්‍යවරුන්ට කොළඹට පැමිණීමේ අපහසුතාව සැලකිල්ලට ගෙන අද (05) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇති ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
ඒ අනුව ‘online’ මගින් සීමාවාසික පත්වීම් සඳහා වෛද්‍යවරුන්ට අයඳුම් කළ හැකි අතර, එම පත්වීම් ලබන 12 වන දා ලබාදෙන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කියා සිටියේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබි අඩවිය වන www.health.gov.lk ඔස්සේ සීමාවාසික පත්වීම් සඳහා අයදුම් කිරීමට පහසුකම් සළසා දී තිබෙනවා.
එසේ අයදුම් නොකරන වෛද්‍ය උපාධිධාරීන්ට ආයතන සංග්‍රහයේ කොන්දේසි ප්‍රකාරව ඡ්‍යෙෂ්ඨත්වය අහිමි වනු ඇති බව සඳහන්.
එය රැකියාව සිදු කරනු ලබන සමස්ත කාලසීමාවටම බලපාන බවයි සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පෙන්වා දෙන්නේ.
එම නිසා දේශීය හා විදේශීය වෛද්‍ය උපාධිය ලබා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාවකාලික ලියාපදිංචිය ලද සියලු උපාධිධාරීන් මේ සඳහා අයදුම් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර නිවේදනයක් මගින් දැනුම් දෙනවා.