වව්නියාව - තාණ්ඩිකුලම - අයියනාර් කෝවිලට පැමිණි මහළු මවකගේ රන් මාලයක් සොරාගෙන පලාගිය පුද්ගලයෙකු අල්ලා ඊයේ(04) පොලීසිය වෙත බාරදීමට ප්රදේශවාසීන් කටයුතු කර තිබෙනවා.
රන් මාලය කඩාගෙන යන සොරා පසුපස ලුහුබැඳ සොරා අල්ලාගත් ප්රදේශවාසීන් ඔහුට පහරදී කෝවිල ඉදිරිපිට විදුලි කණුවකට ගැට ගසා පසුව පොලීසිය වෙත බාරදී ඇති බවයි වාර්තා වුණේ.
කෝවිලේ පූජාවකට පැමිණි මහළු කාන්තාවකගේ පවුම් දෙකක් පමණ වටිනාකමින් යුතු රන් මාලය කඩාගෙන මෙම පුද්ගලයා පලා ගොස් තිබෙනවා.
එහි දී ප්රදේශයේ තරුණයින් පිරිසක් සොරා ලූහුබැඳ අල්ලා පසුව විදුලි කණුවක ගැට ගසා තිබුණා.
කෙසේ වෙතත් ප්රදේශවාසීන් අල්ලා දුන් සොරා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියා සිටියා.