ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු නාවික හමුදාව අත්අංගුවට ගෙන තිබෙනවා.
ඒ, උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා මගින්.
ඉන්දිය ධීවරයින් සතුව තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් ද මෙහිදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.
ධිවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්යක්ෂ වෙත භාර දෙනු ඇති.