Wednesday, January 15, 2025

General line - 0115112241

වෙනම රාජ්‍යයක අවශ්‍යව ඇත්තේ ද්‍රවිඩ දේශපාලනඥයින්ටයි




වෙනම රාජ්‍යයක අවශ්‍යතාව ඇත්තේ ඇතැම් ද්‍රවිඩ දේශපාලනඥයින්ට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරේ ජනතාව තමන්ට ජීවත් විම සඳහා වෙනම භූමියක් අවශ්‍ය බව කිසි විටෙක ඉල්ලීම් කර නොමැති බවයි.

දේශපාලනඥයින් බෙදුම් වාදය මුවාවෙන් දේශපාලන වාසි ලබා ගන්නා බවයි ඔහු කියා සිටියේ.

ඉකුත් දේශපාලන සමය තුලදී හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා සිදු කළ සංවර්ධනය කිසිදු දෙමළ දේශපාලනඥයෙන් සිදුකර නැති බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.