බි‍්‍රගේඩියර්වරුන් 15 දෙනෙකු මේජර් ජෙනරාල් ධුරයට උසස් කිරීම සඳහා යුද්ධ හමුදාපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, යුද්ධ හමුදා උසස්වීම් කමිටුවේ නිර්දේශ මතයි.
මේ අතර, ලබන වසරේ ජූනි මාසය වන විට යුද්ධ හමුදා මේජර් ජෙනරාල්වරුන් 8 දෙනෙකු විශ‍්‍රාම යාමට ද නියමිතයි. ඒ අතරට යුද්ධ හමුදා ස්වේච්ඡා බල සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ද අයත්. ඔහු විශ‍්‍රාම යාමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස 04වැනිදායි.
යුද්ධ හමුදා ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ලබන ජනවාරි 28 වැනිදා විශ‍්‍රාම යනු ඇති. ඔවුන් දෙදෙනාගේ විශ‍්‍රාම යාම සඳහා ජනාධිපතිවරයා සිය අනුමැතිය ද ලබා දී තිබෙනවා. එය යුද්ධ හමුදා මූලස්ථානය වෙත යවා ඇති බවද සඳහන්.
ඉකුත් සැප්තැම්බර් පළමුවනදා සිට නොවැම්බර් 4වැනිදා දක්වා කාලය තුළ පමණක් යුද්ධ හමුදා මේජර් ජෙනරාල්වරුන් 5 දෙනෙකු විශ‍්‍රාම ගොස් තිබෙනවා.
මේ අතර, යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද ලබන මාර්තු 14 වැනිදා විශ‍්‍රාම යාමටයි නියමිතව ඇත්තේ.
වත්මන් යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ලබන අගෝස්තු 18 වැනිදා විශ‍්‍රාම යනු ඇති.
(ඉදිරි මාස 06 තුළ මේජර් ජෙනරාල් ධුරයට උසස්වීමට නියමිත බ්‍රිගේඩියර්වරුන් 15 දෙනා පහතින් දැක්වෙයි)