Monday, May 6, 2024

General line - 0115112241

ටෙක්සාස් ප්‍රහාරයේ සැකකරු ගැන තවත් තොරතුරු හෙළිවෙයි

නවෝද්‍යා ගමගේ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ  දේවස්ථානයක් තුළ සිදු කළ වෙඩි තැබීම සඳහා ගිනිඅවි 3ක් යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

හිටපු අමෙරිකානු නාවික සෙබළෙකු වන ඔහුට නීතිමය වශයෙන් ගිනි අවි ළඟ තබා ගැනීමේ අවසර පත‍්‍රයක් පවා තිබී නැහැ.

සැකකරුගේ සිරුර ඔහුගේ මෝටර් රථයේ තිබී පසුව හමු වුණා. වෙඩි තැබීමෙන් පසු ඔහු සිය දිවි හානි කරගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඬේවිඩ් රැම්පේජ් නැමැති සැකකරු වෙඩි තැබීමට පෙර සිය නැන්දණිය සමග ආරවුලක් ඇති කරගෙන සිටි බවයි විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ  සැකකරුගේ නැන්දණිය එම දේවස්ථානයේ සිට නැහැ. කෙසේවෙතත් වෙඩි තැබීමෙන් සැකකරුගේ මව මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් පුද්ගලයන් 26 දෙනෙකු මිය ගියා. ඉන් වැඩි සංඛ්‍යාවක් කුඩා දරුවන්.

තුවාල ලැබූ සංඛ්‍යාව 24ක්. ඉරිදා දේව මෙහෙය සිදු කෙරෙන අවස්ථාවේදි එරට වේලාවෙන් උදෑසන 11.30ට වෙඩි තැබීම සිදුකර තිබුණා.