Friday, May 3, 2024

General line - 0115112241

පීඩාකාරි ඇමතුම් හෝ කෙටි පණිවුඩ යැව්වොත් වැඩ වරදියි

කසුන් කැලුම්




හිංසාකාරි, පීඩාකාරී දුරකතන ඇමතුම් ලබාදිම හෝ අසත්‍ය කෙටි පණිවිඩ යැවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ රටේ උද්ගත වූ ඇතැම් තත්ත්වයන්ට අසත්‍ය කෙටි පණිවිඩ මූලික හේතුවක් වූ බවයි.

මේ අතර ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය අර්ජුන රණතුංග කියාසිටියේ පෙට‍්‍රල් අර්බුදය හටගැනීමට ප‍්‍රධාන හේතුව අසත්‍ය කෙටි පණිවිඩයක් බවයි.

මේ  හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකර ගනිමින් පෙට‍්‍රල් වැඩි වශයෙන් එක්රැස් කිරීමට යොමුවී තිබෙනවා. මෙම තත්ත්වය නිසා පෙට‍්‍රල් අර්බුදය තවත් උග‍්‍ර වූ බවයි අමාත්‍යවරයා මෙහිදී කියාසිිටියේ.