පදික මාරුවෙන් මාරුවීමට ගිය 65 හැවිරිදි කාන්තාවක් අතුරුගිරිය සිට කඩුවෙල දෙසට ධාවනය වූ ගල් පැටවූ ටිපර් රථයක ගැටීමෙන් අද (06) දහවල් අනතුරක් සිදු වුණා.
ඒ,අතුරුගිරිය ඔරුවල රෝහල ඉදිරිපිටදී.
බරපතල තුවාල ලැබූ කාන්තාව ඔරුවල ප්රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබුවා.
ඔරුවල අබේතිස්ස මාවත පදිංචිව සිටි 65 හැවිරිදි නන්දා රත්නාරච්චි නැමැති කාන්තාවක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා.
අනතුර සිදු කල ටිපර් රථයේ රියදුරු අතුරුගිරිය පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු කඩුවෙල මහේේත්රාත්වරයා හමුවට පැමිණවීමට නියමිතයි.
අනතුර සිදුවන ආකාරය අසල වෙළඳසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබූ අතර එය පහතින් දැක්වෙනවා