Monday, April 29, 2024

General line - 0115112241

අපට ඇත්තේ එක සම්පතයි - අගමැති (VIDEO)

ඉෂාර සුපෙම් මානගේ




අපට ඇත්තේ එක සම්පතක් බවත් එය මිනිස් සම්පත බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ අනුව අපට ඇති හොඳම සම්පත වන මිනිස් සම්පත සඳහා නව තාක්ෂණය ලබා දී තරගකාරීත්වය වැඩිකරමින් ඉදිරියට යාම අපගේ බලාපොරොත්තුව බවයි අගමැතිවරයා වැඩි දුරටත් පැවසුවේ.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ  ලංකා රාජ්‍ය ජාලය එළිදැක්වීමේ උත්සවයට කොළඹදී ඊයේ (07) එක්වෙමින්.

ඩිජිටල් තාක්ෂණය මෙරට ආර්ථික ක්‍ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් ක්‍ෂේත්‍ර සඳහාද යොදාගැනීම තුළින් ඉදිරියේදී මෙරට සංවර්ධනීය පරිවර්තනයක් ඇතිකළ හැකි බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේ.