Monday, April 29, 2024

General line - 0115112241

තලතා දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් ලු

ඉෂාර සුපෙම් මානගේ




එක්සත් ජාතික පක්ෂය යනු ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කිරීමට ඉඩ දෙන පක්ෂයක් නොවන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

නව ව්‍යවස්ථාව හේතුවෙන් රට බෙදෙන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත්වීමට සූදානම් බවයි අමාත්‍යවරිය සඳහන් කරන්නේ.

අමාත්‍යවරිය මෙම අදහස් පළකළේ, ”පිබිදෙන නිවිතිගල ග‍්‍රාමිය පාලම් ව්‍යාපෘතිය” යටතේ පැවැති උත්සවයක් අමතමින්. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය තලතා අතුකෝරළ, " 2025 තමයි අපි තීරණය කරන්නේ මේ ආණ්ඩුව භාරදෙනවද කියලා. විදේශ රැකියා ඇමති විදිහට මට ඒ අමාත්‍යංශය ගැන ඉගෙන ගන්න අවුරුද්දක් විතර ගියා. අධිකරණ ඇමති විදිහට තවත් ටිකක් යනවා. හැබැයි ඒ දේවල් පරක්කු කරන්නේ නෑ. ඒ අමාත්‍යංශයෙත් තවත් වැඩ වෙනවා ඉදිරියට. අපි මේ දේවල් කරන්නේ මේ රට ඉදිරියට ගෙනියන්න. අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න  ඕනි. ජනවාරි 8 වෙනිදායින් පස්සේ ගොඩක් අය හිතුවා අපි පළිගනියි කියලා. දේශපාලන මිනීමැරුම් වෙනකොට ජනතාව සන්සුන් කරපු විදිහ මම විතරයි දන්නේ. 97 නාලන්ද එල්ලාවල ඝාතණය වෙලාවේ මේ රටේ හිටිය දේශපාලන අධිකාරිය යු.එන්.පි ගෙවල් හොය හොය පුච්චපු හැටි අපිට අමතක නෑ. ඒ ගැන අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. හොඳවෙලාවට 99 මගේ අයියා හානි වුණ පුද්ගලයින්ගේ නම් හැන්සාඞ් ගතකරලා තිබ්බා. ඒ අයට අපේ අගමැතිතුමා වන්දි ගෙවන්න කටයුතු කරනවා. ඒ වගේ සිද්ධීන් අපිට වෙන්න  ඕනි නෑ. 

එක්සත් ජාතික පක්ෂය කියන්නේ ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කරන්න දෙන තැනක් නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේලාට නාම යෝජනා දෙන්නේ නෑ. අපිට කරන්න පුළුවන් උත්තරීතර ගෞරවය දීලා අපි උන් වහන්සේලා ආරක්ෂා කරනවා.” යනුවෙනි.