Saturday, July 27, 2024

General line - 0115112241

"මගේ කෑලි ගලවනවා..ෂෙඩ්වල තෙල් බෙදන්නේ මමයි කියලා හිතලා..ජනතාව බණින එක හරි " - ජනපති කියයි 

සුගත් ධර්මප්‍රිය




මේ වනවිට මතුව ඇති පෙට්‍රල් ප්‍රශ්ණයෙන් තමන් හොඳටම බැණුම් අසන බව ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා පවසනවා.

පූජ්‍ය මාදුළුවාවේ  සෝභිත හිමියන්ගේ  දෙවැනි ගුණ සමරු උත්සවය අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවැත්වුණු අතර එය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැමුන් තමන්ගේ කෑලි ගලවන බවයි.

තමන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පුරවන බවට ඇතැමුන් සිතා සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේ.

ජනතාව එසේ සිතීම වරදක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුළුවාවේ  සෝභිත හිමියන්ගේ   පිළිරුව සඳහා මුල්ගල් තැබීමද මෙහිදී සිදු වුණා.

කෝට්ටේ ශ්‍රි කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර,  පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය ඇතුළු  මැති ඇමතිවරුන් ද   සිිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ජනාධිපතිවරයා මෙහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.