Saturday, July 27, 2024

General line - 0115112241

ගීතා ගැන කියන කතා බොරු




හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තුවට ඇතුල්වීම තහනම් කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා. කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ කථානායකවරයා විසින් හිටපු මන්තී‍්‍රවරියට එවැනි කිසිදු තහනමක් පනවා නොමැති බවයි.

සාමාන්‍ය පුරවැසියෙකු ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වීමට ඇයට කිසිදු බාධාවක් නොමැති බවද මන්තී‍්‍ර වරප‍්‍රසාද සහිතව ප‍්‍රවේශවීම පමණක් වැළකෙන බවද කථානායකවරයා පෙන්වා දී තිබෙනවා.