මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අවසන් කිරීමට පියවර ගන්නා බව ඒ පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (08) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මේ අතර සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමව්පියන් ආරම්භ කළ මාරාන්තික උපවාසය අද තුන්වන දිනටත් කි‍්‍රයාත්මක කෙරුණා. කෙසේවෙතත් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පසු සිය උපවාසය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා එම සංගමයේ නියෝජිතයින් පිරිසක් මේ වනවිටද සාකච්ඡුාවක නිරත වී සිටිනවා.