Friday, May 3, 2024

General line - 0115112241

හදිසියේම සිදුවූ දේ නිසා දිල්ලිය කැළඹේ.. සියලු පාසල් වැසේ.. නගරය පුරා හදිසි තත්ත්වයක්




ඉන්දියාවේ දිල්ලි අගනගරයේ හදිසියේම ඇති වූ ඝන දුම්පටලයක් හේතුවෙන් නගරය පුරා දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.

ලොව වායු දූෂණය අතින් වඩාත් ප්‍රකට නගරයක් ලෙස සැලකෙන දිල්ලිය මෙම දුම්පටලය හේතුවෙන් දුමාරයෙන් වැසී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් දිල්ලි අගනගරයේ සියලුම පාසල් මෙම සති අන්තය අවසන් වනතුරු නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

දිල්ලි නගරයේ වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට වඩා 30 ගුණයකින් පහළ මට්ටමක පවතිනවා.

මේ තත්ත්වය තුළ දිල්ලි නගරය ආශ්‍රිතව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.