Thursday, May 2, 2024

General line - 0115112241

ඉන්ධන අර්බුදය පිටුපස ඇති රහස සොයා යයි - වාර්ථාව එළියට එන දිනයත් කියයි

හේමන්ත කහවලගේ




රට තුළ උද්ගත වූ පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා (14) කැබිනට් මණ්ඩලයට භාරදීමට නියමිතයි.

එම කමිටුවේ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ සිය කමිටුව අදාළ ගැටළුව සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතින බවයි.

මෙම පෙට‍්‍රල් අර්බුදයට වගකිව යුතු පාර්ශ්වයන් හා ඔවුන් සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කරමින් කබිනට් අනු කමිටුව විමර්ශන සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

දැනට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ කිසියම් පාර්ශ්වයකගේ රහස්‍ය කටයුතු හේතුවෙන් රට තුළ මෙවැනි තත්ත්වයක් හටගත් බවයි. 

මෙම අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉකුත්දා අදාළ කැබිනට් අනු කමිටුව පත් කරනු ලැබුවා. පාඨලී චමිපික රණවක, අනුර ප‍්‍රියදර්ශන යාපා හා සරත් අමුණුගම යන අමාත්‍යවරුන්ගෙන් එම කමිටුව සමන්විතයි.