Saturday, July 27, 2024

General line - 0115112241

චෝදනා ලබා සිටි බ්‍රිතාන්‍ය ලේකම්වරිය ධුරයෙන් ඉල්ලා අස්වේ 

ධරිත් පෙරේරා - විදෙස් මාධ්‍ය ඇසුරෙන් 




බ්‍රිතාන්‍ය රජයට නොදන්වා ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවුණැයි චෝදනා ලබා සිටි බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය ප්‍රීති පටෙල් (Priti Patel) අද (09) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඉන්දීය සම්භාවයක් ඇති ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වනවා. 

තමා පසුගිය අගෝස්තු පළමු වැනිදා ඊශ්‍රායල දේශපාලනඥයන් හමුවුණු බව ඇය පිළිගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඇය බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඇතුළු එරට රජයෙන් සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.