Wednesday, January 15, 2025

General line - 0115112241

මහින්ද ඇතුළු පිරිස 'පාපැදිවලින් පාර්ලිමේන්තුවට ආවත් ' ආපහු ගිය පිරිස මෙන්න 

සුගත් ධර්මප්‍රිය




ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාපැදි මගින් අද (09) පාර්මේන්තුවට පැමිණීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළා.

හරිත යුගයකට පා තැබීම සඳහා වාහන සම්බන්ධයෙන් වන අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාපැදි මගින් පැමිණීම පිළිබඳව තමන්ට දැන ගැනීමට ලැබූ බවයි.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැගී පැමිණි පාපැදිවල ආපසු ගියේ ආරක්ෂක අංශ සාමාජිකයන් බවයි ඔහු කියා සිටියේ.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙලෙස අද පාපැදි මගින් පාර්ලිමේන්තුවට පැමිණියා.


එම අවස්ථාවේ ඡායාරූප පහතින්.