Tuesday, May 7, 2024

General line - 0115112241

බැංකු ගනුදෙනුවලට ගහන මැදමුලන බද්ද




ණය බර තවදුරටත් ශ‍්‍රී ලංකාවට ඇති අභියෝගයක් බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවා. ඊට මුහුණදීම සඳහා ආදායම් උපයා ගැනීමට බැංකු ගනුදෙනු මත නව බද්දක් පැනවීමට සිදුවන බවයි ඔහු කියාසිටියේ. 

ඒ අනුව බැංකු මගින් සිදුකරන ලබන සියළු ගනුදෙනු සඳහා සෑම රුපියල් දහසකින්ම ශත 20ක මුදලක් අය කිරීමට ඉන් යෝජනා කෙරුනා. 2018 වසරේ අපේ‍්‍රල් මස පළමු වනදා සිට මෙම බද්ද ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරුණා. මෙයට මැදමුලන බද්ද ලෙසද කිව හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

2018 වසරේ අපේ‍්‍රල් මස පළමු වනදා සිට කෙටි පණිවිඩ මගින් සිදු කරන අලෙවිකරණ කටයුතු සඳහා ද නව බද්දක් හඳුන්වා දී තිබෙනවා. ඒ එක් කෙටි පණිවිඩයකට ශත 25 බැගින්.